Saturday, October 22, 2011

ගඩාෆි....

එලියට බැහැපං බෑං කීං...
බලි කට ඇරපං බෑං කීං...
ගඩාෆි මැරුවා උං......
ගඩාෆි මැරුවා උං......
























Saturday, August 27, 2011

මාතර පුරවර....

දිනූ කිතුගොස පරතෙර......
ලැබූ අභිමන් හරසර
විසි වසක් මා තර කල
පුරවරයි පුර මාතර






                             

රජුණි මාතර බෝධී
සත හට දෙන සමාධි
නමදිමි නිතින පැහැදී
පුද පඬුරු මල් යනාදී





කොටුව ඉපැරණි භූමිය
ගෙනෙන අනුහස තේජස
මවන නිලඹර ක්ෂිතිජය
එක්ව සමුදුරු නිල් දිය






 පරෙයි දූපත පන්සල
උපුල්වන් දේවාලය
ලබයි ජන මන කර්ෂණ
වෙරළ සහ කිතු පල්ලිය





දකුණු ලක්මව හැඩකල
සයුරු රළ සිප සැනසෙන
නි'වැලි නිල් දිය සරුකල
පුරවරයි පුර මාතර










Wednesday, August 17, 2011

සිංහයා....

හැටට හැටේ පියඹාගෙන
අහස පොලොව දෙදරාගෙන
ජය ඝොස දෙස නංවාගෙන
රතු එලියක් දල්වාගෙන




ඉලක්කයට මේ එන්නේ
පා ඉන්නයි සෙට් වෙන්නේ
බැට් පිත්තෙන් මිස් වෙන්නේ
දකුණු කකුල ඩොට් වෙන්නේ

උඩ  පැන්නොත්  විකට් වදී
බැට් දැම්මොත්  කැචක් වදී
මිස් උනොතින් කකුලෙ වදී
මොනව  කරත්  වැඩ  වරදී




How z thaaaat.............. :O  ?????

 OUT !!!







Sunday, July 31, 2011

තොටුපල....

අනාථ රාත්‍රියේ...
        පාලු නිසංසලේ....

ඇදී යමි මම ඇදී යමි....

නොබිඳී....
       නොසිඳී ....
නොසැලී.....
      නොනැවතී....

දිගින් දිගටම....
      ඇදී යමි මම.....

පාවි පාවි
        ඈතින් ඈතට....

ක්ශිතිජ ඉම ඉක්මවා....
අනන්තයටම....

පාවී යමි මම....

හමුවන තුරා ....
      හිමිවන තුරා ....
මටම උරුම....
      මගේම "තොටුපල"....

.




එන්නෙමි එන්නෙමි....

දහසක් පැතුමන්   
         පොදි බැඳ සිරකර....
සිහින සිතුම්වැල්  
         සිතේ දරාගෙන....
මගෙ  හද කැළඹු  
         සොඳුරු දයාවිය....
එන්නෙමි එන්නෙමි
         ඔබව සොයාගෙන....





Monday, July 25, 2011

සින්ඩරෙල්ලා....

සෙරෙප්පුව නැතත්
කමක් නැහැ මට
ලැබෙයි නම් මගෙ
සින්ඩරෙල්ලා.....







Sunday, July 10, 2011

මැක්ක....

හා හා පුතා .... වැලි ගොඩේ දඟලන්න එපා ... මැක්කො ඉන්නව......

මැක්කො?....මැක්කො කියන්නෙ කවුද ?... .අහ් අම්මා .. මැක්කො කියන්නෙ කවුද.?....

මැක්කො කියන්නෙ පොඩි සත්තු  ජාතියක්....

ආහ් ... කෝ මැක්කො ?..... කොහෙද අම්මා මැක්කො ?.....

silent
...................

චූටි මාම මැක්කො කියන්නෙ කවුද ?.....


ආහ්...මැක්කො නේද ....(mood )

මැක්කො කියන්නෙ පුතා හරක්ගෙ ඇඟේ ඉන්න පොඩි සත්තු ජාතියක්නෙ පුතා...
හරිද ..

හ්ම්ම්ම්ම්.......

පුතා හරක් බඳිනව පොල් ගස් වල.........

හ්ම්ම්ම්ම්..........

පොල් ගහ කියන්නෙ ගොඩක් වටින ගසක් .... පොල් ලී වලින් වහලවල් හදනව...පොල් ගෙඩි අපි කන්න ගන්නව....පොල් කට්ටෙන් ලස්සන් ලස්සන් දේවල් හදන්න පුලුවන් .... පොල් මලත් ගොඩාක් ප්‍රයොජනවත්.... පොල් කොල වලින් සෙල්ලම් නයි හදනව.....පොල් මදේ කියල එකක් තියෙනව එක කන්න පුලුවන් .... ඔලුවෙ ගාන තෙල් හදන්නෙත් පොල් ගෙඩි වලින් පුතා....



තේරුණාද පුතා....:P

හැහ් :O...??????   හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් O.O




    ( මොන්ටිසෝරි පොඩි එකාට මැක්ක ගැන කියල දුන්න මම ඔජායේ.....)





Saturday, July 9, 2011

නව ලොවක්....

සිඳ  බිඳ  දමමු  -  හණ මිටි  අදහස්....
විසිකර  හරිමු  -   පෑල  දොරෙන්....
ව්ඳ  විඳ  රසය  -  නවමු  අදහස් ....
කෙහෙලිය නගමු - ලොවම ජයෙන්....


.



Sunday, June 26, 2011

" නි "

නිල් අම්බරය පුරා - නිබඳ ඇදෙනා රශ්මි ධාරා...
නිල් නෙතු සිසාරා - නිති මවයි ඔබෙ රුව මනහරා......







Friday, June 24, 2011

ඉන්න දීපල්ලා...

අනේ දෙයියනේ.
දෙයියන්ගෙ නාමෙන්.
ඉන්න දීපල්ලා.
මට "මං" වගේ


.



Wednesday, June 15, 2011

අරුත කිම......

තාමත් සොයනවා.....
පැහැදිලි අරුතක්......
ආදරය  කියන.....
අකුරු  හතරට....





Tuesday, June 14, 2011

දන්නෙ නෑ....

උඹත් හරියට මම වගේ.......
කියන දෙයක් අහන්නෙම නෑ....
එපා කියන දේවල් මයි කරන්නෙ.....
දන්නෙ නෑ.......
උඹව කොහොම හදන්නද කියල....
උඹේ මේ දඟකාරකම් ......
මටනම් දැන් ඇති වෙලා....
මම මොනව කරන්නද....
අනේ මන්ද.....
උඹ කොහොම මගේ "හිත" උනාද කියල......




Friday, June 10, 2011

කිමද සරදම් ??











සිහිල් සුදු  මුදු  සුළඟින්.....
මුමුණා  කියන  රහසින්.....
සැලුණි මා හද  මදහසින්...
කිමද  සරදම් මෙලෙසින්...



Tuesday, June 7, 2011

මල්සරා.......





හනේ හනේ...
හරි හොරා .....
මල්සරා........

විද්ද නේද ....
මටත්............
හී සැරා........




දැන් ඉතින්..........
විදපන් ඇයටත්...
පෙම්සැරා............

50% 50%.............
සෙට් උනොතින්...
"බඩුම තමා"..........