Friday, April 30, 2010

My Name is Khan.......





My Name Is Khan.....
&....I'm not a terrerist......

ශාරුක් ඛාන් , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොව විශිෂ්ඨතම නලුවා ( King Khan ) බව නැවත වතාවක් ඔප්පු කරල තියන චිත්‍රපටියක් .......  
බොහෝ දෙනෙක් හිතාගෙන ඇති මේ චිත්‍රපටියෙ තියෙන්නෙ ශාරුක් ඛාන්ගෙ චරිත කතාව කියල. මේක ඛාන්ගෙ චරිත කතාව තමයි. නමුත් ශාරුක් ඛාන්ගෙ චරිත කතාව නෙමෙයි. සත්‍ය කතාවක්ද කියලනම් දන්නෙ නෑ , ඒත් සත්‍ය කතාවක් විදියට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.මොකද මේ චිත්‍රපටියට ඇමරිකාවට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය , බැරක් ඔබාමා ජනාධිපති වීම වගේ සිද්ධි සම්බන්ධ වෙලා තියෙනව.  
මට හිතුණ විධියට නම් , මේ චිත්‍රපටිය චරිත කතාවක් වගේ පෙණුනත් මේ තුළින් ලොවට කියන්නේ සියලුම ඉස්ලාම් ආගමිකයින් ත්‍රස්තවාදින් ලෙස නොසලකන්න කියලයි. කොහොම උනත් බලන්න වටින චිත්‍රපටියක්.

Monday, April 12, 2010

සුබ අලුත් අවුරුද්දක් වේවා.....!



අවුරුද්දත් කිට්ටු කිට්ටු.....එරබදු මල් පොට්ටු පොට්ටු.....

ලංකාවෙ බොහෝ දෙනෙකුට වගේම අපේ ගෙදර අයටත් අවුරුදු උණුහුම දැනිල.ඡන්ද කෙරුවාව නිසා අවුරුදු උණුහුම අඩුයි වගේ දැනුනත් දැන්නම් එහෙම නෑ  (අපි ඡන්ද වැඩ කරේ නෑ...). හැබැයි කොහෙක් කෑ ගහන සද්දෙයක් නම් තාම ඇහුණෙ නෑ.ඒ අහන්න නම් ඉතින් ගමටම යන්න එපායැ.ගිය  ඡන්දෙට ගමේ ගියාට පස්සෙ තාම ගියේ නෑ.ඒක නිසා අවුරුදු එනකම් අඟිලි ගැන ගැන හිටියෙ යාලුවො බලන්න යන්න.


අවුරුදු උත්සව දෙක තුනක් වත්  හොයා ගන්න ඕන.අවුරුද්දකට සැරයක් ගන්න ආතල් එක උපරිමයෙන්ම ගන්න එපැයි.ගිය පාරත් කොල්ලො set එකක් එක්ක කඹ ඇදල  යන්තම් runner up වුණා.තව තව ඒවට try කලා,ඒත් ඉතින් වාසනාව දොර ඇරල බැලුවෙ  නෑ.


මගේ කොම්පීතරේ මම උස්සන් ආපු නිසා  ගමේ ගියම සයිබර් අවකාශයේ සැරිසරන්න හොඳ නිදහසක් නම් නෑ. කොහොම කොහොම හරි  සයිබර් අවකාශයේ ඉන්න මිතුරෝ සියලු දෙනාටම අවුරුදු ජයටම ඇතැයි කියල හිතනව.


ගිහින් එන්නම්,
හැමෝටම ........
                                      
           සුබ අලුත් අවුරුද්දක් වේවා...!

Thursday, April 8, 2010

ආරම්භය..........

ඉගෙන ගත්තු පාසලට කළගුණ සලකල පළමු ලිපිය මම පාසල සිහි කරමින් පලකලා.තාම පටන් ගත්තු ගමන් නිසා හොඳ හොඳ කතා ලියන්න පුලුවන් වෙන එකක් නෑ.සිංහල යුනිකෝඩ් වලින් ලියන්න ඕන නිසා වැඩේ තවත් අමාරුයිනෙ.

කොහොම උනත් සයිබර් අවකාශයේ සිංහල භාෂාව ප්‍රචලිත කරන්න යුනියන් එක අරන් තියෙන වැඩ පිලිවෙලවල් මම බොහොම අගය කරනව.මැරතන් එකකුත් ලඟදි තියෙනවලුනෙ. ඒ අත්දැකීමත් සිංහල බ්ලොග් ප්‍රසිද්ධ වෙන හොඳ වැඩ පිලිවෙලක් වේවි.


මම සිංහල බ්ලොග් ලියන එකට මුලකුරු කියෙව්වේ, "අප්‍රමාද" කියන බ්ලොග් එක ලියන සත්‍යජිත් බුත්පිටිය මහතාගෙන්.ඇත්තම කියනවනම් ඒ මගේ ගුරුවරයෙක්.


ඡන්දෙකුත් තියෙනව....ඡන්දෙ දාන්න යන්න උනෙත් නෑ.කවුරු ආවත් සයිබර් අවකාශයේ ඉන්න අපි වෙනුවෙන් සහනයක් නෑනෙ.අපිට අපි විතරයි.

Tuesday, April 6, 2010

අවසරයි මෑණියනි…………….




නෙතු නොපියවෙයි - දෑස වෙහෙසෙයි
ඔබෙන් වෙන්වන - දිනය සිතමින්
මසිත ලතැවෙයි - සෝ සුසුම් මැද

නෙතු අතර පියපතර - සදාකල් රැදුණු ඔබ
මෙයින් මතු දිවි කතර - කවදාක හමුවේද

වසර ගණනක් පුරාවට - ඔබෙන් ලැබු අපමණ දැනුම
නිමා වී යයි කිමද පවසා - පිටව යන්නට කියන්නේ ඔබ

එසේ නම් මෑණියනි - දෙනු මැනවි අවසරය
ඉගිල යන්නට - පියපත් හැර
ඔබෙන් වෙන්වී - විශම ලොව වෙත……


(පාසල හැර ආ දින සිතට නැගි සංකල්පනා.....).
 (St.Thomas’ College . Matara)