Wednesday, May 19, 2010

වහින වැහි......වහින වැහි......නොපායන මුලු දවස.

කාලගුණේ හොඳටම upset ගහල . පායන කොට පායනව වේලිලා කරවෙන්න . වහිනකොට වහින්නෙ ආතක් පාතක් නැති වෙන්න . ඇත්තටම 2012 ලෝක විනාසය සිද්ධ වෙයිද කියලත් හිතෙනව මේ වහින හැටියට...............


තාම ඇරඹුමක් විතරයි වගෙයි . මොකද සාමාන්‍යයෙන් වැහැල වැහැල ඉවෙරවෙන්න කිට්ටු වෙනකොටයි ගංවතුර ගලන්න පටන් ගන්නෙ....මේ පාර වැස්ස පටන් ගන්න කොටම ගංවතුරත් ගලල . තාමත් වැස්ස නවතින පාටක් නෑ . රත්නපුරේ පැත්තෙ ගඟවල් පටන් ගන්න ප්‍රදේශ වලටත් , පහල ප්‍රදේශ වලටත් තාම වහිනව . ඒ වතුරත් පල්ලෙහාට එනකොට ගංවතුර තවත් වැඩිවෙයි .අපිට ඉතුරු වෙලා තියෙන්නෙ වැහැල ඉවර වෙනකන් බලා ඉන්න එක විතරයි.

මම ඉන්න පැත්තටත් ගලල . ගෙවල්වලට අවුලක් නෑ . එත් ඉතින් කොහාටවත් යන්න නම් හෙන කට්ටක් කන්න ඕන . දෙයියනේ කියල Colombo පැත්තට යන්න පුලුවන් . හැබැයි ගියාට පස්සෙ ආපහු වැස්සොත් ගෙදර එන්න ලැබෙන්නෙ නෑ . ඒක නිසා ඉතින් full day ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න තමයි වෙලා තියෙන්නෙ .




කොහොම උනත් දැන් අපිට කියන්න වෙලා තියෙන්නෙ........
" Rain rain go away ......
    Come again another day ....."  
                                 කියල තමයි.