Saturday, August 27, 2011

මාතර පුරවර....

දිනූ කිතුගොස පරතෙර......
ලැබූ අභිමන් හරසර
විසි වසක් මා තර කල
පුරවරයි පුර මාතර






                             

රජුණි මාතර බෝධී
සත හට දෙන සමාධි
නමදිමි නිතින පැහැදී
පුද පඬුරු මල් යනාදී





කොටුව ඉපැරණි භූමිය
ගෙනෙන අනුහස තේජස
මවන නිලඹර ක්ෂිතිජය
එක්ව සමුදුරු නිල් දිය






 පරෙයි දූපත පන්සල
උපුල්වන් දේවාලය
ලබයි ජන මන කර්ෂණ
වෙරළ සහ කිතු පල්ලිය





දකුණු ලක්මව හැඩකල
සයුරු රළ සිප සැනසෙන
නි'වැලි නිල් දිය සරුකල
පුරවරයි පුර මාතර










9 comments:

  1. ලස්සන පොස්ට් එක... මෙච්චරයි කියන්න තියෙන්නේ... මේක දේව්දාස් කියපු කතාවක් නම් නෙමෙයි... ඒත්... ලෝකය අතරින් හෙළදිව වැන්නක්.., එහි නුවර අතුරින් මාතර වැන්නක්....................... කව්රු ලබත්ද?
    ඔහු වාසනාවන්තයෙක්ම වෙයි...

    දේව්දාස්...

    ReplyDelete
  2. ආයෙත් අහල දේව්.....
    මගේ 1 පෝස්ට් එක බලන්නකෝ.....
    "මා තර කල මාතර"
    කියන එකත් එයාගෙම වචනයක්........

    ReplyDelete
  3. ලස්සන පොස්ට් එක..පට්ට

    ReplyDelete
  4. මට ඔජායේ අයියගේ බ්ලොග් එක මඟ ඇරිලනේ..........

    ReplyDelete
  5. ලෙසටම ලියලා තියනවා ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.......
    ඒ උනාට කොල්ලො අහලා නැද්ද බෙන්තර ගඟෙන් එහා බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තියන කතාව ...
    (ඒ උනාට මගේ ගමත් හක්මණ)

    ReplyDelete
  6. ස්තූතියි යාලුවනේ........

    @ ChammA - ස්තූතියි

    @ හා පැටික්කි - ඔන්න ආයෙ මග ඇරෙන්න දෙන්න එපා හොඳේ.....

    @ පන්සල් හංදිය - පිස්සුවක් ඇතෑ ..... කතන්දර නේ .. මාතර / ගාල්ල / හම්බන්තොට z-ස්කෝර් වැඩියි දක්ශ ළමයි ඉන්නෙ කියල කවුරුවත් කියන්නෙ නෑනෙ බන්....

    ReplyDelete
  7. නියමයි නේ මාතර ටවුම !!!!!

    ReplyDelete
  8. @ මධුරංග - ආසයිනේ..:D ... ස්තූතියි යාලුවා

    ReplyDelete
  9. මං මේ බැලුව කවුද සොඳුරු සිත පුරාම දුවන කෙනා කියල ,බැලින්නම් මාතර කොල්ලෙක් නෙව.........

    ReplyDelete