Friday, April 30, 2010

My Name is Khan.......





My Name Is Khan.....
&....I'm not a terrerist......

ශාරුක් ඛාන් , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොව විශිෂ්ඨතම නලුවා ( King Khan ) බව නැවත වතාවක් ඔප්පු කරල තියන චිත්‍රපටියක් .......  
බොහෝ දෙනෙක් හිතාගෙන ඇති මේ චිත්‍රපටියෙ තියෙන්නෙ ශාරුක් ඛාන්ගෙ චරිත කතාව කියල. මේක ඛාන්ගෙ චරිත කතාව තමයි. නමුත් ශාරුක් ඛාන්ගෙ චරිත කතාව නෙමෙයි. සත්‍ය කතාවක්ද කියලනම් දන්නෙ නෑ , ඒත් සත්‍ය කතාවක් විදියට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.මොකද මේ චිත්‍රපටියට ඇමරිකාවට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය , බැරක් ඔබාමා ජනාධිපති වීම වගේ සිද්ධි සම්බන්ධ වෙලා තියෙනව.  
මට හිතුණ විධියට නම් , මේ චිත්‍රපටිය චරිත කතාවක් වගේ පෙණුනත් මේ තුළින් ලොවට කියන්නේ සියලුම ඉස්ලාම් ආගමිකයින් ත්‍රස්තවාදින් ලෙස නොසලකන්න කියලයි. කොහොම උනත් බලන්න වටින චිත්‍රපටියක්.

4 comments:

  1. මමත් බැලුවා මේ චිත්‍රපටය. අවසාන හරියෙදී හින්දි චිත්‍රපටවලට ආවේණික යම් යම් ගතිලක්ෂණ මතු උනේ නැතිනම් ඇත්තටම මීට වඩා තව සාර්ථක චිත්‍රපටයක් වෙන්න තිබ්බා කියල හිතුන.

    සමස්තයක් හැටියට ගත්තම හිතට දැනුන හොඳ පණිවඩයක් සහිත සිනමාපටයක්.

    ReplyDelete
  2. හින්දි සිනමාවෙ මම ආසම කරන නළුව තමයි ශාරුක් කියන්නෙ. මේ ෆිල්ම් එක ගැන අහන්න ලැබුනු දා ඉදන්ම බලන්න ආසාවෙන් තමයි හිටියෙ. ඒත් තාම බලන්න බැරි උනානෙ. ආසාව තවත් වැඩි උනා මේ විස්තරේ කියෙව්වට පස්සෙ.

    ReplyDelete
  3. මාත් බලපු ලස්සන ෆිල්ම් එකක්.

    ReplyDelete
  4. හොඳ තේමාවක්...දක්ෂ රංගනයක්....එල....

    ReplyDelete