Wednesday, May 19, 2010

වහින වැහි......වහින වැහි......නොපායන මුලු දවස.

කාලගුණේ හොඳටම upset ගහල . පායන කොට පායනව වේලිලා කරවෙන්න . වහිනකොට වහින්නෙ ආතක් පාතක් නැති වෙන්න . ඇත්තටම 2012 ලෝක විනාසය සිද්ධ වෙයිද කියලත් හිතෙනව මේ වහින හැටියට...............


තාම ඇරඹුමක් විතරයි වගෙයි . මොකද සාමාන්‍යයෙන් වැහැල වැහැල ඉවෙරවෙන්න කිට්ටු වෙනකොටයි ගංවතුර ගලන්න පටන් ගන්නෙ....මේ පාර වැස්ස පටන් ගන්න කොටම ගංවතුරත් ගලල . තාමත් වැස්ස නවතින පාටක් නෑ . රත්නපුරේ පැත්තෙ ගඟවල් පටන් ගන්න ප්‍රදේශ වලටත් , පහල ප්‍රදේශ වලටත් තාම වහිනව . ඒ වතුරත් පල්ලෙහාට එනකොට ගංවතුර තවත් වැඩිවෙයි .අපිට ඉතුරු වෙලා තියෙන්නෙ වැහැල ඉවර වෙනකන් බලා ඉන්න එක විතරයි.

මම ඉන්න පැත්තටත් ගලල . ගෙවල්වලට අවුලක් නෑ . එත් ඉතින් කොහාටවත් යන්න නම් හෙන කට්ටක් කන්න ඕන . දෙයියනේ කියල Colombo පැත්තට යන්න පුලුවන් . හැබැයි ගියාට පස්සෙ ආපහු වැස්සොත් ගෙදර එන්න ලැබෙන්නෙ නෑ . ඒක නිසා ඉතින් full day ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න තමයි වෙලා තියෙන්නෙ .




කොහොම උනත් දැන් අපිට කියන්න වෙලා තියෙන්නෙ........
" Rain rain go away ......
    Come again another day ....."  
                                 කියල තමයි.

2 comments:

  1. වැස්ස නැති කාලෙට අව්වේ අරුම දැනේ
    වැස්ස ඇති කාලෙට වැස්සේ තරම දැනේ
    අපට දැනෙන දේ ලොක්කන් හට නොදැනේ
    අනේ මොවුන්ටත් ඉර හඳ පායනවානේ

    ReplyDelete
  2. මම නම් හරි ආසයි පාරෙ පිරිච්ච වැහි වතුර පාග පාග ඇවිදන් යන්න.

    ReplyDelete