පාලු නිසංසලේ....
ඇදී යමි මම ඇදී යමි....
නොබිඳී....
නොසිඳී ....

නොනැවතී....
දිගින් දිගටම....
ඇදී යමි මම.....
පාවි පාවි
ඈතින් ඈතට....
ක්ශිතිජ ඉම ඉක්මවා....
අනන්තයටම....
පාවී යමි මම....
හමුවන තුරා ....
හිමිවන තුරා ....
මටම උරුම....
මගේම "තොටුපල"....
.
(කොංක්‍රීට් වන්නියේ ඔජායෙගෙ සලාදය............)
අපි කවුරුත් අපේ නියම තොටුපල කරා ඇදී යනවා. අන්තිමේදි අපේ තොටුපල කරා තමයි නවතින්නේ. ඒත් සමහරු තොටුපලට එන්න කලින් නැති නාස්ති වෙලා යනවා.
ReplyDeleteනියමයි...
ReplyDeleteක්ශිතිජයේ ඉම
තොටුපලක් තියනවලු..
ඒ තොටුපලේ
නුඹ හොයන
නුඹ පතන
සොදුරියක් ඉන්නවලු...
~පබලු~
( http://magethanikama.blogspot.com/ )
සොයා යන කල
ReplyDeleteනුඹේ තොටුපල
සැඩ සුළං එයි
මග වරද්දන,.
නමුදු...
වෙර අරන් ඔබෙ සිතට
යාත්‍රා කල මැනව
ජය ගනියි එක දිනෙක
නවතීවි තොටුපලක..
අඳුරු සීතල
ReplyDeleteගැඹුරු සයුරේ
යන්න පාවී
නොවී වල්මත් .....
චන්ඩ මාරුත
පරදවන්නට
අවැසි වේ හොඳ
රුවල් සවිමත් ....
@ මදුරංග - තාම නාස්ති වෙලා නෑ.........
ReplyDelete@ පබලු - ක්ශිතිජ ඉමත් දුරක්ද - සිටී නම් මා පතන සොඳුරිය.....
ReplyDelete@ ප්‍රාර්ථනා -
ReplyDeleteනොබිඳෙමි... නොසැලෙමි...
නොනැවතෙමි..
සැඩ සුලං හමුවේ.....
@ බින්දි -
ReplyDeleteහිතුවක්කාර නැවක් උනත්....
පිලිගනිමි ඔබේ අදහස්....
නොවෙමි මම වල්මත්.....
රැකගනිමි හොඳ රුවල් සවිමත්....
ස්තූතියි යාලුවනේ......
ReplyDelete