Saturday, August 27, 2011

මාතර පුරවර....

දිනූ කිතුගොස පරතෙර......
ලැබූ අභිමන් හරසර
විසි වසක් මා තර කල
පුරවරයි පුර මාතර






                             

රජුණි මාතර බෝධී
සත හට දෙන සමාධි
නමදිමි නිතින පැහැදී
පුද පඬුරු මල් යනාදී





කොටුව ඉපැරණි භූමිය
ගෙනෙන අනුහස තේජස
මවන නිලඹර ක්ෂිතිජය
එක්ව සමුදුරු නිල් දිය






 පරෙයි දූපත පන්සල
උපුල්වන් දේවාලය
ලබයි ජන මන කර්ෂණ
වෙරළ සහ කිතු පල්ලිය





දකුණු ලක්මව හැඩකල
සයුරු රළ සිප සැනසෙන
නි'වැලි නිල් දිය සරුකල
පුරවරයි පුර මාතර










Wednesday, August 17, 2011

සිංහයා....

හැටට හැටේ පියඹාගෙන
අහස පොලොව දෙදරාගෙන
ජය ඝොස දෙස නංවාගෙන
රතු එලියක් දල්වාගෙන




ඉලක්කයට මේ එන්නේ
පා ඉන්නයි සෙට් වෙන්නේ
බැට් පිත්තෙන් මිස් වෙන්නේ
දකුණු කකුල ඩොට් වෙන්නේ

උඩ  පැන්නොත්  විකට් වදී
බැට් දැම්මොත්  කැචක් වදී
මිස් උනොතින් කකුලෙ වදී
මොනව  කරත්  වැඩ  වරදී




How z thaaaat.............. :O  ?????

 OUT !!!