Sunday, July 31, 2011

තොටුපල....

අනාථ රාත්‍රියේ...
        පාලු නිසංසලේ....

ඇදී යමි මම ඇදී යමි....

නොබිඳී....
       නොසිඳී ....
නොසැලී.....
      නොනැවතී....

දිගින් දිගටම....
      ඇදී යමි මම.....

පාවි පාවි
        ඈතින් ඈතට....

ක්ශිතිජ ඉම ඉක්මවා....
අනන්තයටම....

පාවී යමි මම....

හමුවන තුරා ....
      හිමිවන තුරා ....
මටම උරුම....
      මගේම "තොටුපල"....

.




එන්නෙමි එන්නෙමි....

දහසක් පැතුමන්   
         පොදි බැඳ සිරකර....
සිහින සිතුම්වැල්  
         සිතේ දරාගෙන....
මගෙ  හද කැළඹු  
         සොඳුරු දයාවිය....
එන්නෙමි එන්නෙමි
         ඔබව සොයාගෙන....





Monday, July 25, 2011

සින්ඩරෙල්ලා....

සෙරෙප්පුව නැතත්
කමක් නැහැ මට
ලැබෙයි නම් මගෙ
සින්ඩරෙල්ලා.....







Sunday, July 10, 2011

මැක්ක....

හා හා පුතා .... වැලි ගොඩේ දඟලන්න එපා ... මැක්කො ඉන්නව......

මැක්කො?....මැක්කො කියන්නෙ කවුද ?... .අහ් අම්මා .. මැක්කො කියන්නෙ කවුද.?....

මැක්කො කියන්නෙ පොඩි සත්තු  ජාතියක්....

ආහ් ... කෝ මැක්කො ?..... කොහෙද අම්මා මැක්කො ?.....

silent
...................

චූටි මාම මැක්කො කියන්නෙ කවුද ?.....


ආහ්...මැක්කො නේද ....(mood )

මැක්කො කියන්නෙ පුතා හරක්ගෙ ඇඟේ ඉන්න පොඩි සත්තු ජාතියක්නෙ පුතා...
හරිද ..

හ්ම්ම්ම්ම්.......

පුතා හරක් බඳිනව පොල් ගස් වල.........

හ්ම්ම්ම්ම්..........

පොල් ගහ කියන්නෙ ගොඩක් වටින ගසක් .... පොල් ලී වලින් වහලවල් හදනව...පොල් ගෙඩි අපි කන්න ගන්නව....පොල් කට්ටෙන් ලස්සන් ලස්සන් දේවල් හදන්න පුලුවන් .... පොල් මලත් ගොඩාක් ප්‍රයොජනවත්.... පොල් කොල වලින් සෙල්ලම් නයි හදනව.....පොල් මදේ කියල එකක් තියෙනව එක කන්න පුලුවන් .... ඔලුවෙ ගාන තෙල් හදන්නෙත් පොල් ගෙඩි වලින් පුතා....



තේරුණාද පුතා....:P

හැහ් :O...??????   හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් O.O




    ( මොන්ටිසෝරි පොඩි එකාට මැක්ක ගැන කියල දුන්න මම ඔජායේ.....)





Saturday, July 9, 2011

නව ලොවක්....

සිඳ  බිඳ  දමමු  -  හණ මිටි  අදහස්....
විසිකර  හරිමු  -   පෑල  දොරෙන්....
ව්ඳ  විඳ  රසය  -  නවමු  අදහස් ....
කෙහෙලිය නගමු - ලොවම ජයෙන්....


.